ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අබේපුර සහ මුර්ගපුරි ග්‍රාම සේවා කොටිඨාශය අද උදෑසන 6.00 සිට හුදකලා කරනු ලබන බව හමුදාපති පවසයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් – 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
ඉදිරි සති දෙක තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නාය.
නිරෝධානය පනත උල්ලංඝනය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියාය.