නර්තනයට, රංගනයට ඇස් දෙක වගේ ආදරේ කරන නිළියක් තමයි අනූෂා දමයන්ති කියන්නේ.
ඇයව දකින ප්රේක්ෂකයන්ට මතක් වෙන්නේ ඇගේ dancing පැත්ත ඒ නිසා අනූෂාව Dancing Queen ලෙසත් හදුන්වනවා.
ඇය අදරය සම්බන්ධයෙන් මෙවැන්නක් ප්රකාශ කරනවා.
” ඒ ආදරේට ඇත්තම කිව්වොත් අවුරුදු 10ක් වෙනවා. ඒ ආදරේ මං දිහා බලාගෙන හිටියා.
එයා මගේ රසිකයෙක්. රසිකයෙක් හැටියට තමා මට මුලින්ම කතා කළේ. ඉතින් කතා කළාට පස්සේ ඒ කතා කරන විදිය, අහපු ප්රශ්න ඒවා ටිකක් අමුතුයි කියලා මට තේරුණා. ඊට පස්සේ අපි දෙන්න දිගටම කතා කළා. පසු කාලීනව ඒක ආදරයකට පෙරළුණා.
එයා ඇත්තටම ගොඩක් හොඳ මානුෂික කෙනෙක්. ආදරණීය කෙනෙක්. වැදගත් කෙනෙක්. ගැහැනු ළමයකුට කැමැති වෙන්න ඕන හැම ලක්ෂණයක්ම එයා ළඟ තිබුණා.
ඒ වගේ කෙනෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕන. ඒ හැමදේම හරි ගියා. මම වාසනාවන්තයි. ”
ඇයගේ කලවයසත් ගෙවිලා යන නිසා ඇය තීරණය කළා මේ වසරේදී විවාහය සිදු කරන්න. නමුත් පාස්කු ප්රහාරය නිසා අනූෂා තම විවාහය කල්දාගත්තා.
බහුතරයක් කම්පනය වෙලා ඉන්න මොහොතක ඇගේ විවාහය සිදු වන්නේ නැහැ කියලයි ඇය කියන්නේ.