ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ.
ප්රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි.
ටෙක්සාස්හි පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයක මෘදුකාංගයක් හරහා වැදගත් වෙබ් අඩවිවලට ප්රවේශවීමට ‘හැකර්වරුන්’ උත්සාහ දරා තිබිණි.
සයිබර් ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ චෝදනා කරයි.