ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය, තුන් මසක් තුළ සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ පළමුවරට රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට වස විෂවලින් තොර ආහාරවලින් ස්වයංපෝෂිත මෙන්ම ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල සඳහා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අත්‍යාවශය වන බවය.
ආණ්ඩු මාරු වන විට කෘෂිකර්මයේ ප්‍රතිපත්ති වෙනස් නොවන ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කරගත් නිසි ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට දැඩි අවශ්‍යතාවක් පවතින බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.