වසර 397 කට පසුව බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් වඩාත් සමීපව දැකගත හැකි දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට ඊයේ සහ අද හිමි වන බව ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
රාත්‍රී 6.45 ත් රාත්‍රී 8.20 අතර කාලයේ බටහිර ක්ෂිතජයට ඉහළින් මෙම අපුර්ව ග්‍රහ පිහිටීම දැක ගත හැකි බව පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා පැවසුවේ ය.
පහත වගුවේ දැක්වෙන්නේ අද එනම් දෙසැම්බර් 21 ,22 වන දින සංයෝජනයට පෙර දින 10 ත් තුළ බ්‍රහස්පති සහ සෙනසුරු අතර කෝණික දුර ප්‍රමාණයයි.
දුරේක්ෂ ආධාරයෙන් මෙම අවස්ථාව දැක බලා ගත හැකි බව ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.