දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
මේ වන විට රට තුල සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවයි ඉකුත් දින වල සිදු කල දත්ත අධ්‍යයනයකදී හෙලි වී ඇත්තේ.
කොරෝනා සමයේ රිය අනතුරු අවම මට්ටමක තිබුණ ද හුදෙකලා කිරීම් ඇතුළු සංචරණයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග යලි රිය අනතුරු වැඩි වී ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.