සාම්ප්රදායික ජන ජිවිතයට බාධා නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ කිතුල් මැදීම, තේ දළු නෙලීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජිවී භූමිවලට ඇතුළුවල ගම්මානවල ජනතාවට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන ලෙසයි.
ඒ, බලංගොඩ ඉඹුල්පේ, රාවණා කන්ද, ගම්මානයේ අද පැවැති ගම සමග පිළිසඳරක් වැඩසටහට එක්වෙමින්.
කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
දීර්ඝ කාලයක් තිස්සේ ග්රාමීය ජනතාවගේ නොවිසඳුනු ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීම අරමුණ කර ගනිමින් අද මෙලෙස කි්රයාත්මක වුණේ ගම සමග පිළිසඳර, 03 වන වැඩසටහනයි.