මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරු ලබා දී තිබෙනවා.
අල්ලස් පැමිණිලි ගැන සලකා බලමින් ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
2020 ජනවාරි 01 ට පෙර සේවයේ සිටි සියළු නිලධාරීන් ඒ අනුව ස්ථාන මාරු කරන බවත් එය රජයේ තීරණයක් බවත් ඔහු සඳහන් කළා.