සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා ආනයනය කළ MPV වෛරසය ගොවීන් වෙත බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු හානිය වැළැක්වීමේ කමිටුවේ ප්‍රධානී අනුර විජේතුංග මහතා පැවසුවේ, මෙම වෛසරය බඩ ඉරිඟු වගාවට ඉසීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් වන බවයි.
වෛරසය අඩංගු ද්‍රාවණය සවස් කාලයේ පමණක් වගාවට ඉසීමෙන් උපරිම ප්‍රතිඵල අත්කර ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
අනුර විජේතුංග මහතා පැවසුවේ , මේ පිළිබද උපදෙස් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයාගෙන් ලබාගත හැකි බවයි.