අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.
කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපතිවරයා පැවසුවේ ඒ අනුව අක්කරේපත්තුව යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, පොලිස් බල ප්‍රදේශ 3ක ප්‍රදේශ 9ක් එලෙස හුදකලා කළ බවයි.
ඒ අනුව අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14 සහ නගර බල ප්‍රදේශ – 3, හුදෙකලා කෙරිණ.
මීට අමතරව අඩ්ඩාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ පාලමුනෙයි 1, ඔලුවිල් 2, අඩ්ඩාලච්චේනෙයි 8 ප්‍රදේශ ද අද උදෑසන සිට හුදකලා කර තිබේ.
ආලයාඩිවම්බු පොලිස් බල ප්‍රදේශයේ ආලයාඩිවම්බු 8/1, 8/3 හා 9 යන ප්‍රදේශ ද හුදකලා කර ඇත.
මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද මේ වනවිට පවතින්නේ හුදකලා තත්ත්වයෙනි.