ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව කොළඹ නගර සංවර්ධන ප්‍රධාන සැලසුම් ක්‍රියාවලියට සමගාමීව ගාලු මුවදොර පිටිය ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වරාය හා නාවික අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.
වරාය නගර සැලසුම් ව්‍යාපෘතියේ සැලසුම්කරණයට සමගාමීව ගාලුමුවදොර පිටිය සංවර්ධනය සදහා ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරුවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධානපෙලේ නගර සැලසුම් සහ අලංකරණ ශීල්පය පිළිබද මනා දැනුමක් සහිත ඉංජිනේරුවන්ගේ සැලසුම් සහ සංකල්ප යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව පවතී.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානි ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා ඇතුලු ආරක්ෂක අංශ නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් පිරිසක්, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා, කළමනාකරණ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නගර සැලසුම් හා අලංකරණ ශිල්පීන් ද එක්ව සිටියහ.”