Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රැකියා ලක්ෂයේ දෙවැනි අදියරේ පත් වීම් ප්‍රධානයත් නුදුරේදීම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රැකියා ලක්ෂයේ පළමු අදියර යටතේ පත්වීම් ලැබූ පිරිස පුහුණු වීම් අවසන් කළ වහාම දෙවන අදියර යටතේ බඳවා ගන්නා පිරිසට පත්වීම් ලබා දෙන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ රැකියා ලක්ෂයේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පත්වීම් ලාභින්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතිය පිහිටුවීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

මෙම රැස්වීම අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති අතර, සෞඛ්‍ය නීතී අනුව මෙම රැස්වීම පැවැත්විණි.එහිදී වෘත්තිය සමිතිය සඳහා නිළධාරීන් පත් කිරීම සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

වත්මන් රජය මගින් අඩුආදායම් ලාභී පවුල් ශක්තිමත් කිරීමේ අරමුණින් ලබා දුන් රැකියා ලක්ෂයේ පළමු අදියර යටතේ පත් වීම් ලැබූ පිරිසෙන් හුතරයක් දෙනා මේ වන විට පුහුණු වීම් වල යෙදෙනවා, පත්වීම් ලැබූ ඉතිරි පිරිසත් පුහුණු වීම් සඳහා යොමු කරන්න නියමිතයි.

මේ පිරිස පුහුණුවීම් අවසන් කළ වහාම රැකියා ලක්ෂයේ දෙවැනි අදියර යටතේ ඉතා කඩිනමින් අනෙක් පිරිසටත් පත්වීම් ලබා දීමේ හැකියාව පවතිනවා.

පුහුණුව අවසන් වූ පසු, ඔබතුමන්ලා යම් යම් ස්ථාන වලට ස්ථාන ගත කරයි,මේ නව රැකියා ටික ලැබුණු වහාම,ඔබට ලැබෙන රාජකාරිය හරි ආකාරව ඉෂ්ඨ කරන්න.අට සමත් ඔබට රජයේ රැකියාවක් කිසිදාක ගත නොහැකි වූ එක දැන් මල් පල ගැන්විලා තියෙනවා.

එහෙම නම් දැන් ඔබතුමන්ලාට තියෙන්නේ තමන්ට රැකියාව ලැබුණ විදිහ ඔලුවේ තියාගන්නවා වගේම, දැන් ඔබ දෙපයින් නැගී සිටින්න ඔ්න, දැන් රැකියාවක් නැති කෙනෙක් නෙමෙයි,ආණ්ඩුවෙන් සලකන්නේ නැති කෙනෙක් නෙමෙයි, කවුරුත් ගණන් ගන්නේ නැති කෙනෙක් නෙමෙයි.

රජයේ සේවකයෙක් බවට පත් වෙනවා.එහෙම නම් ඔබේ පවුල ශක්තිමත් කර ගන්නා ගමන්, ඔබේ අනාගතය සැලසුම් කර ගන්නා ගමන්,ඔබ කරන සේවය හරහා තවත් විශාල පිරිසකට ඔබතුමන්ලා උදව් පදව් කරන්නත් ඔ්නකම තියෙනවා.

ආණ්ඩුවේ රස්සාවකට ගිය ගමන් ඔබතුමන්ලා දැන් මතක් කර ගන්න ඔ්න, තමන් කාර්යාලයකට ගියහම ඒ කාර්යාලයෙන් තමන්ට හරියට නොසැලකුවා නම්, ඒ දුක වින්ද කට්ටිය විදිහට තමන්ගේ අතින් තවත් අසරණ කාටවත් එවැනි අවැඩක්, එවැනි දුකක්, එවැනි කළකිරීමක් ඇති කරන්න එපා.

ඔබට අනන්තවත් එවැනි දුක් ගැහැට විදින්නට සිද්ධ වෙලා ඇති.ඒ නිසා ඔබතුමන්ලා තමන් රාජකාරී කරන ස්ථානයේදී තමන්ට හැකි උපරිම ආකාරයෙන් අපේ අසරණ දුප්පත් ජනතාවට උදව් උපකාර කරන්න.

රජයේ ආයතනයකින් සේවයක් ගන්න යන කොට අපි දුක් වින්දට, බැරි වෙලා හරි අපි රජයේ සේවකයෙක් වුණාම අපි අර විදිහට දුකක් වින්දානේ කියලා අමතක වෙනවා.

ඒ විදිහට අමතක කරන්න එපා.ඒ වගේම ඔබට රැකියාව ලැබුණ විදිහ මතක තියා ගන්න, දැන් ඔබ රජයේ සේවකයෙක් කියන එක අමතක කරන්න එපා.

වෙනදා වගේ ගමේ ඉන්න පුලුවන්කමක් නෑ, දැන් තමන්ගේ පවුල ශක්තිමත් කර ගන්නේ කොහොමද? සේවය කරන තැන අපි කාටවත් අසාධාරණයක් නොකර අපි වගේම පිරිසකට කොහොමද අපි උපරිම උදව් ප්‍රමාණයක් කරන්නේ කියන මේ කාරණා ටික හැමදාමත් ඔලුවේ තියා ගන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට රැකියා ලක්ෂයේ පත්වීම් ලාභීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Scroll to Top