Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

LPL වලින් පසු තවත් දෙයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරියේදී සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කර ගත් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසීමට සාකච්ඡා සිදුකර ඇත.

සාකච්ඡාව පැවැත්වුයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ හා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි යන අයගේ ප්‍රධානත්වයෙනි.

අදාළ අමාත්‍යාංශ තුනේ ඉහල බලධාරීන් සමග සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හා සේවා සපයන්නන්ගේ සංවිධාන නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඒ අනුව ලබන වසර තුල සංචාරක කර්මාන්තය දියුණු කිරීම පදනම් කරගත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහළ පෙලේ කමිටුවක්ද පත්කරගෙන තිබේ.

මේ අනුව ලබන වසර තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් ආකර්ශණය කර ගැනීම සදහා දිවයින පුරා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟාවලි සංවිධානය කෙරේ.

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තයට පසුව වැඩිම පීඩාවට පත්වූ ක්ෂේත්‍රය තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රය බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ සහිතව  පැවති LPL තරගාවලිය තුළින් ලත් අත්දැකීම් සමග සංචාරක සෞඛ්‍ය ක්‍රීඩා අමාත්‍යාංශ එකාබද්ධ ක්‍රීඩා ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අපේක්ෂා කරන බව ඔහු කීවේය.

දැනටමත් වාර්ෂික ක්‍රීඩා දිනපොතක් අමාත්‍යාංශය විසින් සකස් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක අමාත්‍යාංශයේද සහයෙන් එය ක්‍රියාත්මක කරන බවද පැවසීය.

ක්‍රීඩා, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහළ පෙලේ කමිටුවක් මෙහිදි පත් කර ගැණුනු අතර සති 02 ක් තුළ අදාළ කමිටුවට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ලබා දෙන ලෙසද ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදී උපදෙස් දුන්නේය.

Scroll to Top