Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තවත් පාසලක සිසුවෙකුට සහ සිසුවියකටත් කොවිඩ්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 9 බි වසරේ අධ්‍යාපනය ලබන ස්වයන් නිරෝධනයට යොමු කර ඇති සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාධනය වි ඇති බවට  පි.සි.ආර් පරික්ෂන වාර්ථා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක ජේ ගනේෂ් මහතා පැවසිය.

එම පාසලේ ඉකුත් මස 28 සහ 30 යන දෙදින තුල ඉගැන්විම් කටයුතුවල නිරත වු ගුරුවරියකට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම ගුරුවරිය සහ ඇගේ දරුවන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර එම පාසල ඉකුත් මස සිට තාවකාලිකව වසා දමා එම පාසලේ ලගම ආශ්‍රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාර් කාර්යාලය මගින් එම පාසලේ අධ්‍යපනය ලබන අසාධිත ගුරුවරියගේ ලගම ආශ්‍රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන්ගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂනය අනුව පාසල් සිසුවියකට සහ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වි ඇති බවට තහවුරු වි ඇත.

අසාධිත සිසුවිය සහ සිසුවාගේ ලගම ආශ්‍රිත සිසු සිසුවියන් සහ ගුරුවරුන් ස්වයන් නිරෝධනයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කර ඇත.

අසාධිත පාසල් සිසුන් දෙදෙනා නොර්වුඩ් වෙන්චර් වතුයායේ පදිංචි කරුවන්ය.

Scroll to Top