Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය (ආ.සේ.අ.මා.වි.) ත්‍රිවිධ හමුදාවේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන උසස්තම හමුදා අධ්‍යාපන ආයතනය වන අතර ඒ මගින් ලෝකයේ වෙනත් බොහෝ ත්‍රිවිධ හමුදාවන් විසින් අනුගමනය කරනු ලබන පරිදි, තෝරාගත් ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන්ගේ හමුදා මූලධර්ම, උපායමාර්ගික මට්ටමේ සැලසුම්, වෘත්තීය දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවන ලදී.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 14 පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ආරක්ෂක ලේකම් මේජර් ‍ජෙනරල් (විශ්‍රාමික) ජිඩිඑච්කේ ගුණරත්න WWV RWP RSP USP ndu psc MPhil මෙම අවස්ථාවට සහභාගී වූ අතර ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩිඑන්පිඑන් දෙමටන්පිටිය ndc psc සහ විද්‍යාලීය කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් විසින් ආරක්ෂක ලේකම්තුමන්ව පිළිගනු ලැබීය.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 14 පාඨමාලාව 2020 ජනවාරි 06 වන දින ආරම්භ කළ අතර  2020 දෙසැම්බර් 11 වන දිනෙන් අවසන් විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 81 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 23 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 27 දෙනෙකු සහ බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමාන්, පාකිස්තානය, රුවන්ඩාව, සවුදි අරාබිය සහ සුඩානය යන රටවල් නියෝජනය කරමින් විදේශ ශිෂ්‍ය නිලධාරීන් 18 දෙනෙකුගෙන්ද සමන්විත නිලධාරීන් 149 දෙනෙකු මෙම අවස්ථාවේදී උපාධිය ලබාගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීයය කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් එල්එච්එස්සි සිල්වා WWV RWP RSP VSV USP ndc psc, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩිඑන්එස් උළුගේතැන්න RSP & Bar VSV  USP ndc psc Mphil (D&SS) MA (DS) MMaritimPol PG Dip in SM ගුවන් හමුදාපති එයාර් මාෂල් එස්කේ පතිරණ WWV and Bar RWP and Bar  RSP and three Bars VSV USP MSc (MOA) USA MSc (Def Stu) in Mgt MPhil (Ind) MIM (SL) ndc (Ind) psc qfi එමෙන්ම, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ හිටපු සේනා විධායකවරුන්, විද්‍යාලීය සාමාජිකයන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උපාධිධාරීන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

මෙම සම්මාන උළෙලේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ගරු ආරක්ෂක ලේකම් මේජර් ‍ජෙනරල් (විශ්‍රාමික) ජිඩිඑච්කේ ගුණරත්න WWV RWP RSP USP ndu psc MPhil තුමන් විසින් අධ්‍යයන කටයුතුවල විශිෂ්ඨතා දැක්වූ උපාධිධාරීන්ට පහත සඳහන් විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී.

සේනා විධායක ගෞරව සම්මානය 

සමස්ත ලකුණු ප්‍රතිශතය 70% (B+) හෝ ඊට වැඩි ලකුණු ප්‍රතිශතයක් ලබා ගන්නා ශිෂ්‍ය නිලධාරීන්ට සේනා විධායක ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදී.

1          මේජර් දිපාක් oලාල් (ඉන්දියා),මේජර් එස් ඒ ආර් පි කේ කුඩාබංඩාර ශ්‍රි ලංකා පාබල හමුදාව

2          මේජර් එස් ඒ ආර් පි කේ කුඩාබංඩාර ශ්‍රි ලංකා පාබල හමුදාව

3          ලුතිනන් කොමාන්ඩර් (එල්) බි ඒ ආර් එස් බමුණුසිංහ

4          ලුතිනන් කොමාන්ඩර් (එන්& ඩබ් පී පී එන් පෙරේරා

5          ස්කොඩ්‍රන්ලීඩර් ඩබ් ආර් ඩී ජයවරධන

 

Golden Pen සම්මානය 

අංක 14 පාඨමාලාවේ හොඳම පර්යේෂණ පත්‍රිකාව සම්පාදනය කිරීම සඳහා වන Golden Pen සම්මානය      මේජර්  බි ජි එන් අයි කරුණිතිලක ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත ප්‍රදානය කරන ලදි.

Golden Owl සම්මානය 

සෑම අංශයකින්ම කුසලතා දක්වා අනුපිළිවෙලින් යුධ හමුදා, නාවික සහ ගුවන් පුහුණු අංශ වෙතින් ප්‍රථම ස්ථානය ලබාගත් දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන්ට Golden Owl සම්මානය ප්‍රදානය කරන ලදී.

යුධ හමුදා පුහුණු අංශය 

විදේශීය ශිෂ්‍ය නිලධාරී      : මේජර් දිපාක් දලාල් (ඉන්දියාව)

දේශීය ශිෂ්‍ය නිලධාරී         : මේජර් එස් ඒ ආර් පි කේ කුඩාබංඩාර ශ්‍රි ලංකා පාබල හමුදාව

නාවික පුහුණු අංශය  

විදේශීය ශිෂ්‍ය නිලධාරී      : කොමාන්ඩර් මොහොමඩ් අල් අමින් මසුන්ඩර් (G) psc (බන්ගලාදේශය)

දේශීය ශිෂ්‍ය නිලධාරී         : ලුතිතන් කොමාන්ඩර් (එල්) බි ඒ ආර් එස් බමුණුසිංහ

ගුවන් පුහුණු අංශය 

විදේශීය ශිෂ්‍ය නිලධාරී      : වින්ග් කමාන්ඩර් අසිෂ් සමාධි ෂෙයික් psc (පාකිස්තානය)

දේශීය ශිෂ්‍ය නිලධාරී         : ස්කොඩ්‍රන්ලීඩර් ඩබ් ආර් ඩී ජයවර්ධන

Scroll to Top