කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබුණද ජනතාවට සහන රැසක් සලසමින් ඉදිරි 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා රැසක් අය-වැය සම්මත වූ ඊයේ (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් ඊට ඇතුළත් වන අතර ඒ අනුව අය-වැය යෝජනා සම්මත වූ ඊයේ සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නිවාස හා දේපළ ණය සහන, සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන, පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් පිරිනැමීම, කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාරක ප්‍රාග්ධන ණය, තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ඇරඹීමට මූල්‍ය පහසුකම්, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගොවීන් දිරිගැන්වීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ආදිය ඒ අතර ප්‍රධාන වෙයි.