Aboutceylon Online

ඖෂධය දෙන්නේ නොමිලේ.. අකමැති නම් නොබී ඉන්න.. අපහාස කරන්න එපා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තමන් විසින් සොයා ගන්නා ලද දේ ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් එය අද දිනයේ පන්සියයක් දෙනා සඳහා පමණක් ලබාදෙන බවත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කළේය.

තම නිවස ඉදිරියට පැමිණ සිටින දස දහසක් පමණ ජනතාව අමතමින් ඔහු කියා සිටියේ මෙ සම්බන්ධයෙන් සැකයක් අවිශ්වාසයක් ඇති අය වේ නම් එවන් අය එය පානය නොකර සිටින ලෙසයි.

රෝගියෙක් මෙය පානය කළහොත් කොවිඩ් ශරීරයෙන් ඉවත් වන බවත් එමෙන්ම නිරෝගී පුද්ගලයකු මෙය පානය කළහොත් ලෙඩ නොවන බවටත් තමන් සහතික කියන බවද ඔහු සඳහන් කළේය.

දස දහස ඉක්වමූ පිරිසක් ඒ මහතාගේ නිවස ඉදිරිපිට හා මග දෙපස රැදී සිටින අතර ඔවුන් පාලනය සදහා පොලිසියේ සිය ගණනක් යොදා සිටී.

Scroll to Top