තවත් කොරෝනා ආසාදිතයින් 797 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණි.ඉන් 567 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය.සෙසු 230 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා විය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29 378 කි.
කොරෝනා ආසාදිතයින් 454 දෙනෙකු ඊයේ සුවය ලබා පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21, 258 ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 142 කි.
මේ අතර කොරෝනා අසාදිත බව තහවුරු වූ බිළිඳෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඊයේ මිය ගියේ ය.