Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිරිතදිග මෝසම් සක්‍රීය වේ – ගිගුරුම් සහිත වැසි – අකුණු අනතුරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි දිනවල (ජුනි මස 03 දින සිට) නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කෙරේ. ඒ හේතුවෙන් ජුනි මස 03 වනදා සිට, දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය වැඩිවීමේ ඉහල හැකියාවක් පවතී.

දකුණු පළාතෙත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

වයඹ සහ මධ්‍යම පළාත්වලත් කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top