කොළඹ දිස්ත්‍රික්කයේ , මෝදර , කොටහේන , ග්‍රෑන්ඩ්පාස් , ආදුරුප්පුවීදිය ,වේල්ලවීදිය , කෙසෙල්වත්ත , මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ , කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසම , ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය , මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බවයි.
මේ අතර කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරි වසම , කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර අද උදෑසන 5 .00 සිට හුදෙකලා කෙරිණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ද අද උදෑසන 5.00 සිට හුදෙකලා කර තිබේ.
ඒ අනුව වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත සහ වැලිකඩමුල්ල යන ග්‍රාම නිලධාරි වසම්
පෑලියගොඩ පොලිස් වසමේ ,පෑලියගොඩ ,පෑලියගොඩ ගඟබඩ ,මීගහවත්ත සහ පට්ටි උතුර ග්‍රාම නිලධාරි වසම්, කිරිබත්ගොඩ පොලිස් වසමේ , වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කළ ප්‍රදේශයි.
කැලණිය , වත්තල හා පෑලියගොඩ පොලිස් වසම්වල ඉහත දැක්වූ ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ද අද උදෑසන 5 ට ඉවත් කෙරිණා.
කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරි වසම හුදෙකලා තත්ත්වය ඉවත් කළ ප්‍රදේශයි.