Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් දෙකක් ධාවනයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෑම බස් ගමන් වාරයක් ආරම්භයේදීම හෙට (07) සිට බස් රථ දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

වැඩි දුරටත් ඔහු සඳහන් කලේ විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක්‍රමවේදයට අනුව බස් රථ දෙකක් ධාවනයේ යෙදවීම සඳහා ප්‍රවාහන අධිකාරියට උපදෙස් දී ඇති බවයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා තවදුරටත් මෙලෙස අදහස් පලකළා.

“මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා පසුගිය කාලයේ බස්රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කරලා දුන්නා.

නමුත් සමහර මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් පවතිනවා.

අපි ලිඛිතව දැනුම්දීලා තියෙනවා එහෙම කරන බස්රථ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන්න කියලා.

ඒ වගේම අපි උපදෙස් දුන්නා සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් දෙකක් ධාවනය කරන්න,” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Scroll to Top