Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උඩවත්තකැලේ වඳුරන්ගේ PCR නෙගටිව්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගියදා මහනුවර උඩවත්තකැලේ වනෝද්‍යානය තුළ අසාමාන්‍ය ලෙස වඳුරන් රැසක් මරණයට පත්වීම පසුපස කොරෝනා රෝග තත්වයක් තිබුණිද යන්න සැකසහිත බවට වාර්තා පළවූ අතර මේ දිනවල මහනුවර පැතිරයමින් පවතින කොරෝනා උච්ච තත්වයකට පත්ව තිබූ දිනයක මේවා වාර්තාවීම එම සැකය වඩාත් තීව්‍ර විය.

කෙසේ වෙතත් මහනුවර නගරයට ආසන්න උඩවත්තකැලේ වනෝද්‍යානයෙන් වාර්තා වූ වඳුරන් රැසකගේ මරණයට හේතුව දැන් සොයාගෙන තිබේ.

ඒ වස වර්ගයක් ශරීරගතවීම බව අනාවරණයවී ඇත.
මෙම වඳුරන්ට කොරෝනා රෝගය වැළඳී ඇතැයි යන සැකයට සිදු කළ පීසීආර් පරීක්ෂණ වාර්තා සියල්ල සෘණාත්මකවී ඇති බවද වාර්තාවේ.
මෙම මරණ වලට හේතුව කොවිඩ් -19 වෛරසය නොවන බව ඒ අනුව අනවාරණය වී ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පිඨය මේ පරීක්ෂණ කටයුතු සිදු කළ අතර මෙම වඳුරන්ගේ මරණයට හේතුව විෂක් ශරීර ගතවීමෙන් බවත් එය කොවිඩ් වෛරසය හේතුවෙන් නොවූ බවත් එම නිලධාරියෙකු තහවුරු කර තිබේ.
 

Scroll to Top