පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට මූලිකත්වය සහ නායකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙක් පමණ හදුනාගෙන තිබෙනවා.
ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පවරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 106 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, රැඳවියන් සංඛ්‍යාව 11 ක් ජීවිතක්ෂයට පත්වුණා.