මස්කෙළිය, පුංචි සූරියකන්ද කොටසේ වතු නිවාස පේළියකට පහලින් පිහිටි පස් කන්දක් නාය ගොස් පවුල් 06 සාමාජිකයින් 36 දෙනෙක් අවතැන්ව ඇති බව වාර්තා වේ. අවතැන්ව සිටින පිරිස ෆෙයාලෝන් තේ වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත තාවකාලිකව රදවා ඇති බව සදහන්වේ.
දෙනියාය, මොරවක, කොටපොල. මොරවක ආදී නිල්වලා ගඟෙහි ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට ඇදහැළෙන අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟද පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇත.
මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මිනුම් වලට අනුව නිල්වලා ගඟෙහි අකුරැස්ස පානදුගම ජල මාපකයේ සාමාන්‍ය ජල මට්ටම වන්නේ මීටර් 3.2 කි. මේ වන විට සටහන්ව තිබූ අගය වුයේ මීටර් 5.1 කි. පිටාර මට්ටම මීටර් 5.8 කි. ගඟ දෙපස ජනතාවට අවදානයෙන් සිටින ලෙස නිවේදනය කරයි.
#දෙනියාය #මොරවක #කොටපොල #නිල්වලා #මස්කෙළිය #raininsrilanka #nilwala #floodsinsrilanka #flood #causesfloodwarning