හෙට(23) දිනයේ අලුයම 5.00 ට බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්රදේශ හුදකලා කිරීම ඉවත් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
බොරැල්ල, වනාතමුල්ල ග්රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර තිබේ.
කළුතර දිස්ත්රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්රාම නිලධාරී වසම් 7ක් හුදකලා කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ඒ අනුව, බණ්ඩාරගම පොලිස් වසමේ බෝගහවත්ත, බමුණුමුල්ල (මුස්ලිම්), බමුණුමුල්ල, කිරිමන්තුඩාව , කෝරාවල, අටළුගම බටහිර, ගලහාමණ්ඩිය යන ග්රාම සේවා වසම් හුදකලා කර තිබේ.