පිටකොටුවේ පිහිටි මැනිං වෙළෙඳ සංකීර්ණය අද සිට පෑලියගොඩ ප්රදේශයේ අතිනවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් තුළ ස්ථාපනය කෙරේ.
ඉඩ පහසුකම්වලින් යුත් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙම වෙළෙඳ සංකීරණයේ පරිපාලනය සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක් පත් කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්රසාද් මහතා පැවසයි.