Aboutceylon Online

ප්‍රාථමිකය හැර පාසල් නොවැ 23 වනදා සිට විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර පළාතේ හැර සියලුම පළාත්වල පාසල් ලබන නොවැ 23 වනදා සිට විවෘත කරන බවත් ආරම්භයේදී ප්‍රාථමිකයෙන් හැර 6 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති වලට සියලුම සිසුන්ට පන්ති අරඹන බවත් රජය නිවේදනය කර තිබේ.

බස්නාහිර පළාත් මායිමේ වෙනත් පළාත්වලට අයත්ව තිබෙන පාසල් වලට බස්නාහිර පළාතේ සිසුන්ට හා ගුරුවරුන්ට සහභාගී වීමට නොහැකි බවද මෙම නිවේදනයේ දැක්වේ.

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම හා සියලු ප්‍රාථමික සිසුන්ට විවෘත කිරීම ගැන ඉදිරියේ තීරණය කරන බවද රජය දන්වා සිටී.

Scroll to Top