නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන එල්. පී. එල් ක්රිකට් තරගාවලියේ වැඩිම මුදලක් උපයා ගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම ලසිත් මාලිංග සිටිනවා.
ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් ශානක හා කුසල් පෙරේරා යන ක්රීඩකයින් ද එයට අයත්. ඔවුන් පස්දෙනා දේශීය සංකේතාත්මක ක්රීඩකයින් ලෙස කටයුතු කරන ක්රීඩකයින් වෙනවා.
මෙම තරගාවලියේදී ඔවුන්ගෙන් එක් අයකුට ලබා දෙන මුදල අමෙරිකානු ඩොලර් 60 000ක්. එය ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි එකයි දස ලක්ෂයට ආසන්න වනවා.