කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර පහක් ලබන සඳුදා (16) අලුයම 5.00 සිට හුදෙකලා කරන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදිය මෙලෙස හුදෙකලා කෙරෙන නගර වේ.
මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල ඒ ආකාරයෙන් එය ක්‍රියාත්මක වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ දැනට පවතින හුදෙකලා තත්ත්වය දිගටම ක්‍රියාත්මක බව යුදහමුදාපතිවරයා පවසයි.
ඒ හැරෙන්නට මේ වන විට හුදෙකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙනු ඇත.