කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සේවකයින් සිවුදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිතය වී ඇති බව හඳුනාගෙන ඇති බව ටාජ් සමුද්‍රා හෝටලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම සේවකයන් සිවුදෙනාම බාහිරව කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ඔවුන් මේ වන විට නිරෝධායනය කර ඇති බවත් ඔවුන් එම නිවේදනයේ සඳහන් කරයි.
රජය විසින් නියම කර ඇති මාර්ගෝපදේශ අනුව හෝටලය විසින් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද ඔවුන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.