ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කිරීම යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්ත, අකුරේගොඩ පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණා.
යුද්ධ හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව, නව ඩ්‍රෝන රෙජිමේන්තුව ස්ථාපනය කර ඇති අතර ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සමග එක්ව නව ඩ්‍රෝන රෙජිමේන්තුව ක්‍රියාත්මක වනවා.
මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව මගින් භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පියවර ගැනෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට මෙමගින් සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහන් කළා.
රට තුළ ඇතිවන ආපදා කටයුතු නිරීක්ෂණය මෙන් ම රටේ ආරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේ.
යුද්ධය පැවති සමයේදී ගුවන් හමුදාව විසින් යුද්ධ හමුදාවට භූමියේ නිරීක්ෂණ සඳහා ලබා දුන් ගුවන් නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ස්තූතිය පුදකරන බව ද ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.