එලඹෙන දිපාවලි උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ මිල දි ගැනිමට හැටන් නගරයට පැමිණෙන වතුකරයේ ජනතාවට සහ හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට නිරෝධායන සෞඛ්‍යය උපදෙස් තරයේ පිලිපදින ලෙස හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (12) දින දැනුවත් කිරිමට පියවර ගනු ලැබුහ.
ගත වු දින කිහිපය තුල හැටන් නගරයට පැමිණි වතුකරයේ විශාල පිරිසක් සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් කටයුතු කිරිම සම්බන්ධයෙන් මාධ්‍යය මගින් අනාවරණය කිරිමත් සමග පොලිස් නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් නගරයට පැමිණෙන ජනතාව නගරයේ ව්‍යාපාරිකයන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.
මේ අතර බස්නාහිර පලාතේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටි වතුකරයේ විශාල පිරිසක් මේ මස 14 දිනට යෙදෙන දිපාවලි උත්සවය වෙනුවෙන් වතුකරයට පැමිණ සිටින බවත් , එම පිරිසද වතුකරයේ ප්‍රධාන නගර වල සැරිසරමින් සිටින බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
තවද බස් රථවල මගින් ප්‍රවාහනය සදහා මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර තිබියදි වැඩි කල බස් ගාස්තු ද අය කරමින් මගින් ආසන ගණනට වඩා නංවාගෙන සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් මගින් රැගෙන ගිය බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.
සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් මගින් ප්‍රවාහනය කල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්ටද හැටන් පොලිසිය මගින් දැඩි ලෙස අවවාද කරනු ලැබුහ.