රෝහිත් ශර්මාගේ නායකත්වයේ පිතිහරඹය හේතුවෙන් පිට පිටම දෙවැනි වරටත් අයි.පී.එල්. ශූරතාව තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් සමත් වූහ. මෙම ශූරතාවත් සමග මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගාවලි 13 න් 5 කම ශූරයන් බවට පත්වීමටද මුම්බායි කණ්ඩායම සමත් විය.
අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වී වසර 5 ක් ගතවීමෙන් පසු එනම් 2013 වසරේදී සිය පළමු ශූරතාව දිනාගත් මුම්බායි කණ්ඩායම, ඉන් අනතුරුව 2015, 2017 සහ 2019 යන වසරවලදීද එම ශූරතාවට හිමිකම් කීවේය.
ඉන්දීය එක්දින ක්රිකට් කණ්ඩායම නායකත්වය, නායකත්වය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ට ලබා දියයුතු බව හිටපු ක්රීඩක ගෞතම් ගම්බීර් පවසයි.
ඔහු පවසන්නේ එසේ නොකළහොත් එය ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ අවාසනාව බව ය.
මේ වනවිට ඉන්දීය ටෙස්ට්, සහ එක්දින කණ්ඩායම් වල නායකත්වය දරන්නේ විරාත් කෝලි ය.
නමුත් ටෙස්ට් නායකත්වය කෝලි ට දී එක්දින කණ්ඩායමේ නායකත්වය ට රෝහිත් පත්කිරීම කළ යුතු බව ගම්බීර් පවසයි.