අමෙරිකානු ජනාධිපතිවරණ අර්බුධය තවමත් නිමාවට පත්ව නැහැ. ඒ, අවසන් ප්‍රතිපල මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන්.
දෙවන වරටත් ගණන් කිරීම ආරම්භ වූ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිපල ද මෙතක් ප්‍රකාශයට පත් කර නැහැ.
නමුත් අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්.
ජෝ බයිඩන් සමත් වීමත් සමග ඔහු ජන්ද විද්‍යාල 290ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාල 214ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.
ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ බයිඩන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ජෝ බයිඩන් අද රාත්රියේදී ජාතිය ඇමතීමට නියමිත බවයි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් අභිනවයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා.