මෙරට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.
ඒ අනුව මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවා තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව (05) දින සිංගප්පුරුවේ “TEAMSEK” නැමැති පදනම විසින් රුපියල් මිලියන 80 ක් වටිනා වෙන්ටිලේටර් (Non-Invasive Ventilators) 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි. ප්‍රදානය කරන ලද වෙන්ටිලේටර් ඕස්ට්‍රෙිලියාවේ M/S ResMed ආයතනය විසින් නිෂ්පාදනය කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම ප්‍රදානය ලබාදෙන ලද්දේ මෙරට Meditechnology Holdings පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතා විසිනි.