බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව කොටියාගල වතුයායේ වතු නිවාස පේලියේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුට (04) දින කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
සැමියා , බිරිද සහ දියණියට මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව (04) දින තහවුරු වු බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
එම පවුලේ දස දෙනෙකු නිරෝධානයට යොමු කර තිබු අතර ,ඉන් තිදෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිතයන් පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල නිරෝධාන මධ්‍යස්ථානය සහ මාතර කඹුරුපිටිය නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එම පවුලේ අයෙකු පැලියගොඩ මත්ස්යය වෙලදපොලේ සේවය කරමින් සිට නිවසට පැමිණ සිටියදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම පවුලේ දස දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.
එම පවුලේ තවත් සිව්දෙනෙක් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.