Aboutceylon Online

රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසා සිටියේ, එහිදී රෝගියාට සිදුවන අපහසුතාවය අවම කර ගත හැකි බවය.

දුරකථන අංකය – 0117 966 366

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සංජීව මුණසිංහ මහතා,

“ඇඳිරිනීතිය පවත්නා කාලය තුළ ඔබ නිවසේ සිටිය දී යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ඔබ කරන්නේ රෝහලක් වෙත ගමන් කිරීමයි.

මෙහිදී අන් අයටත් රෝගය පැතිරීමට වාහකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝහල තුළ දී ඔබට රෝගය වැළඳිය හැකියි.

මම යෝජනා කරනවා එම දුරකථනය අමතා ඔබගේ ප්‍රශ්නය ඔවුන්ට කියන්න. ඔවුන් එවිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කරනවා.

පීසීආර් කිරීමට අවශ්‍ය නම් ඔවුන් එම කටයුත්ත සඳහා යොමු වෙනවා. එහි ප්‍රතිඵල එනකල් ඔබට නිවසට වී සිටිය හැකියි.“

 

Scroll to Top