Aboutceylon Online

ගම්පහ දිස්ති‍්‍රක්කයටම ඇදිරි නීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර තිබෙනවා. සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.

එක් එක් පොලිස් බල ප‍්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී ඇතැම් පිරිස් එම ප‍්‍රදේශවලට, ඇදිරි නීතිය නොමැති ප‍්‍රදේශවල සිට පැමිණ තිබූ බවත්  සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වී ඇති බවත් එය කොරෝනා වෛරසය දිස්ත‍්‍රික්කය තුල ව්‍යාප්තිය පාලනයට හේතුවක් වී ඇති බවටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් එහිදී විශ්වාසය පලකර ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පලාතටම ඇඳිරිනීතිය පැනවීම තුලින් ද යම් ප‍්‍රතිඵලයක් සිදුවනු ඇතැයි මෙම සාකච්ජාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශ්වාසය පල කර ඇතැයි සඳහන්.

Scroll to Top