Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කැළණි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන්, කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, අත්තනගලු ඔය දුනුමාලේ ප්‍රදේශයෙන්  ජල මට්ටම අවදානම් මටට්මක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගිං ගඟ තවලම ප‍්‍රදේශයෙන් හා    මහවැලි ගඟ නාවලපිටිය ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම  පිටාර මට්ටමට පැමිණිමට, පිළිවෙලින් අඩි 3 ක් හා 7 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ.

සබැදි පුවත්

කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

Scroll to Top