කෑගල්ල දිස්ත්‍රික්කයේ ද කොරෝනා පැතිර යාමේ අවදානම් කලාපයක් ලෙස සැලකීමට සිදුවන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළා.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඊයේ (15 ) වන විට කොවිඩ් රෝගීන් 13ක් වාර්තා වන බවත් දිස්ත්‍රික්කය තුළ 532ක පිරිසක් නිවෙස්වල නිරෝධායන කටයුතු සිදු කෙරෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
රඹුක්කන, පින්නවල නිරෝධායන මධ්‍යස්ථානයේ මේ වන විට පුද්ගලයින් 225 දෙනකු නිරෝධායනය වන අතර ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 5 දෙනකු එම මධ්‍යස්ථානයෙන් වාර්තා වනවා.