Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධික වැසි අනතුරු ඇගවීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින අධික වැසි සහිත තත්ත්වය සමග රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශයෙන් ගල් පෙරලීමෙන් අවදානමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 88 දෙනෙක් ඉවත් කර ඇත.

දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Scroll to Top