Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නෙළුම් කුළුණ පිපෙන්න ලඟයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමෙරිකානු ඩොලර් මිලියන 104 ක් වියදමින් මහල් 17 කින් යුත්  මීටර් 350 ක් පමණ උසකින් සමන්විත දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ කැරකෙන අවන්හලකින් හා හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා, විනෝදාස්වාදය සපයන අලංකාර උද්‍යානයක් , භූගත රථගාලක්, සාප්පු සංකීර්ණයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක් ,අති සුපෝකභෝගී කාමර ආදී පහසුම්වලින් සමන්විත වන අතර නිරීක්ෂණ මැදිරියකින්ද යුක්තයි.

කුළුණ විදුලි සෝපාන අටකින් යුක්ත වන අතර මින් සෝපාන දෙකක් අධිවේගී සෝපාන වන අතර මෙම සෝපානයකින් පහත මහලේ සිට නැරඹුම් මැදිරිය දක්වා ගමන් කිරීමට ගතවන්නේ විනාඩියකටත් අඩු කාලයකි.

නෙළුම් කුළුණ ඉදි කිරීම සදහා මුල්‍ය ණය ආධාර  චීනයේ එක්සිම් (EXIM) බැංකුව විසින් සැපයූ අතර කුළුණ නිර්මාණය කිරීමේ වගකීම විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව සතුවිය.

දකුණු ආසියාවේ උසම ඉදි කිරීම අප රට සතුවන අභිමානය අප සැමදෙනාටම බුක්ති විදීමට තව සුළු පැය ගණනකින් පසුව හැකිවනු ඇත.

#lotus flower #lotus tower #නෙළුම් කුළුණ  #දකුණු ආසියාවේ උසම කුළුණ #colombo #lotus tower colombo# lotus tower sri lanka #lotus tower height #lotus tower restaurant #නෙළුම් කුළුණ, colombo
Scroll to Top