කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කලාපයේ පිහිටි NEXT නමැති ඇඳුම් කම්හලේ සේවකයන් පිරිසකට මෙසේ වෛරසය ආසාදිත වී ඇති බවයි.
කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවල සේවකයන් 35,000 ක පමණ ප්‍රමාණයක් සේවයේ යෙදෙමින් සිටී.
පවතින වසංගත තත්වය මත ඔහුවට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි තදින්ම දන්වා ඇතත් ප‍්‍රායෝගික තත්වය මත එසේ කටයුතු කිරීම අසීරු වී ඇත.