ගම්පහ ප්‍රදේශයේ පදිංචි ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කරයි.
එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම ළඟම ඇති රෝහලට යන්නැයි වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් මහතා දැනුම් දී ඇත.
රෝහල් ගත වී කොරෝනා පරීක්ෂණයක් සදහා යොමු වන ලෙසද ඔහු උපදෙස් නිකුත් කර තිබේ.
මෙරට සමාජය තුළින් මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව වාර්තාවක් පළමු රෝගියා බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
එවන් රෝගීන් තව දුරටත් සමාජයේ හමු වීමේ ඉඩක් ඇති බවත් එනිසා හැකිතාක් සමාජයට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියේය.
එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්ෂණ ප්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත හැකි බවත් ඔහු පැවසීය.
සෑම විටම මුඛ ආවරණ පැලදීම මීටරයක දුර පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ක්‍රමවේද අනුව කටයුතු කටයුතු කරන්නැයිද ඔහු දන්වයි.