නිවසින් අතුරුදහන් වු පාසල් දැරියකගේ සිරුරක් කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබි තිබි හමු වු බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් විජේසුන්දර මහතා පැවසිය.
මෙසේ හමු වි ඇත්තේ නානුඔය ඩෙස්පොඩ් වත්තේ පහල කොටස් පදිංචිව සිටි නානුඔය ඇබඩ්ස්පොඩ් දමිල මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙන්ද්‍රන් යෂෝධා (15) හැවිරිදි පාසල් දැරියගේ සිරුරයි.
පවුලේ දෙවනියා වු මිය ගිය පාසල් සිසුවිය (28) දින රාත්‍රි 10 පමණ නින්දට ගිය බවත් , පසුව අලුයම 2.30 ට පමණ අවදි වි බලන විට දැරිය නිවසේ නොසිටි බවත් , නිවසේ එක් ජනේලයක් පමණක් විවෘතව පැවති නිසා දැරිය (29) දින අලුයම සොයා අවට වතු කම්කරුවන් එක් ව සිදු කල මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි පාසල් දැරියගේ සිරුර ඩෙස්පොඩ් ඇළේ අලියා වැටුණු වල ස්ථානයේ තිබි හමු වි ඇත.
මිය ගිය දැරිය (28) දින පස්වරුවේ බාහිර පන්තියකට සහභාගි විමට ගිය බව දෙමව්පියන් වෙත දැනුම් දි තිබුණද දැරිය බාහිර පන්තියට ගොස් නොමැති බවටි දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.
පාසල් දැරියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන බව නානුඔය පොලිසිය පැවසිය.