Aboutceylon Online

රුසියානු ජාතිකයෙකුට කොරෝනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත.

මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇත.

ඔවුන් අද (24)මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඊට පෙර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර ගෙන තිබේ.

එහිදී එක් රුසියානු ජාතිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති අතර අනෙක් පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.

 

.

Scroll to Top