Aboutceylon Online

තවත් ගොඩනැගිල්ලක් ඉරිතලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින කාලගුණික තත්ත්වයත් සමග හෙම්මාතගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ස්ථාන කීපයක ඇති වී ඇති ඉරි තැලීම් සම්බන්ධයෙන් 21 වනදා පෙරවරුවේ ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිළධාරීන් පිරිසක් පැමිිණ පරීක්ෂණ පවත්වන ලදි

හෙම්මාතගම නගරගිරී මහා විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය ආසන්නයේ පිහිටා ඇති පැරණි ගොඩනැගිල්ලක් වන ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන මෙම ගොඩනැගිල්ලේ හටගෙන ඇති ඉරිතැලීම් තත්ත්වයක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය දැනැවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි හෙම්මාතගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක ඩී මෙෂාන් ඉන්දුකද සිල්වා මහතා හා නිළධාරීන් පිරිසක් එම එම ස්ථානය පරික්ෂා කිරීමෙන් අනතුරුව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි නිළධාරීන් පිරිසක් ගොඩනැගිල්ල පරීක්ෂාවට ලක්කර එහි ස්භාවය අනුව නායයෑමේ අවධානමක් නොමැති බවත් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විශේෂඥ ඉන්ජිනේරුවරයෙකු ලවා පරික්ෂාවකට ලක්කල යුතු බව පවසන ලදි

පසුව හෙම්මාතගම පොලිස් ස්ථානයේ නිළධාරී මහත්වරුන් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිරිපිට අරණායක හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ විශේෂිත ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට ව්‍යාපරිකයින් ගොඩනැගිලෙන් තාවකාලිකව ඉවත්කර ඇත

Scroll to Top