පොලිස් සේවයේ නිරත වූ සියලුම නිලධාරින්ගේ ගැටලු සහ පොලීසිය සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කරන ගැටලු පිලිබඳව සොයා බලා විසඳුම් ලබාදීමේ අරමුණින් පොලිස් මහජන දිනයක් සංවිධානය කෙරෙනවා.
එය ලබන 25 වනදා බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි අභ්‍යන්තර ආරක්ෂක අංශ කාර්යාල පරිශ්‍රයේදී අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.