Aboutceylon Online

සමනලගම ප්‍රදේශයේ කොටසක් නායයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සමනලගම ප්‍රදේශයේ කොටසක් නායගොස් ඇත.

සමනලගම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙලදසැල දෙකක් අතරට පස් කන්ද නාය ගොස් ඇති බවයි  හැටන් පොලිසිය කියා සිටියේ.

තවදුරටත් වැසි ලැබුණහොත් සමනලගමට පිවිසෙන කෙටි මාර්ගයේ තවත් කොටසක්ද නායයාමේ අවධානමක් පවතින බව සමනලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටියි.

 

Scroll to Top