Aboutceylon Online

නිරිත දිග ප්‍රදේශ වලට අද(18) සිට වැස්ස වැඩිවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දින දක්වා අපේක්ෂා කල හැක.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.



දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.

Scroll to Top